Learning Objectives
At the end of the lesson you will be able to identify and name the main oceans and continents on Earth.
At the end of the lesson you will be able to accurately locate oceans and continents on a world map or globe.
At the end of the lesson you will be able to explain the basic characteristics of oceans and continents.
At the end of the lesson you will be able to understand the importance of oceans and continents.
What do you already know about oceans and continents?
සාගර හැඳින්වීම:
ලෝක ගෝලය/සිතියම පෙන්වමින්, "මේ නිල් පාටින් පේන විශාල ජල කඳන් තමයි සාගර කියලා කියන්නේ."
සාගරවල විශාලත්වය හා ගැඹුර පිළිබඳව සරලව පැහැදිලි කිරීම.
ප්‍රධාන සාගර 5 නම් කිරීම (පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියානු, දක්ෂිණ, ආක්ටික්) සහ ඒවා සිතියමේ/ගෝලයේ පිහිටීම පෙන්වීම.
ඉන්දියානු සාගරය ශ්‍රී ලංකාවට ආසන්නව පිහිටා ඇති බව අවධාරණය කිරීම.
මහාද්වීප හැඳින්වීම
ලෝක ගෝලය/සිතියම පෙන්වමින් මහාද්වීප විශාලත්වය හා ඒවායේ විවිධත්වය (කඳු, තැනිතලා, කාන්තාර) පිළිබඳව සරලව පැහැදිලි කිරීම.
ප්‍රධාන මහාද්වීප 7 නම් කිරීම (ආසියාව, අප්‍රිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, ඇන්ටාක්ටිකාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව) සහ ඒවා සිතියමේ/ගෝලයේ පිහිටීම පෙන්වීම.
ආසියාව අප ජීවත් වන මහාද්වීපය බවත්, ඕස්ට්‍රේලියාව කුඩාම මහාද්වීපය බවත්, ඇන්ටාක්ටිකාව සීතලම මහාද්වීපය බවත් සඳහන් කිරීම.
සාගරවල වැදගත්කම
විවිධ ජීවීන්ගේ වාසස්ථාන (මාළු, තල්මසුන්).
ආහාර සම්පත් (මාළු).
ප්‍රවාහන මාර්ග (නැව්).
දේශගුණයට බලපෑම් කිරීම.
මහාද්වීපවල වැදගත්කම:
මානව වාසස්ථාන.
විවිධ සතුන් හා ශාක විශේෂවලට වාසස්ථාන සැපයීම.
ආහාර, ජලය, ඛනිජ සම්පත් සැපයීම.
විවිධ රටවල් හා සංස්කෘතීන් බිහිවීම.
ක්‍රියාකාරකම (විනාඩි 10-12):
සිසුන් හට හිස් ලෝක සිතියම් බෙදා දීම.
සිතියමේ තියෙන මහාද්වීප සහ සාගර නිවැරදිව නම් කරන්න. පුළුවන් නම් විවිධ පාට වලින් පාට කරන්නත් පුළුවන්
සිසුන්ට ක්‍රියාකාරකම කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම සහ අවශ්‍ය විටදී සහාය වීම.